www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ගැළවීම නොහොත් සදාකාල ජිවණය

"සදාකාල ජිවණය නම් මේය, එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ළද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමට පැමිණීමය."
-යොහාන් 17:3

සදාකාල ජීවනය යනු සදාකාලික වූ ඒ දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධවී ජීවත්වීම බව යේසුස් වහන්සේ අලුත් ගිවිසුමෙහි පෙන්වාදෙයි. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේ සදාකාලික අයෙකු වන හෙයින් ආත්මයෙන් උන්වහන්සේට සම්බන්ධ වීම තුලින් අපිත් මරණින් මතුවටත් දිවයන අපගේ ආත්මය උන්වහන්සේට සම්බන්ධවී ඒ සදාකාලයේ ජීවත්වීම තෝරාගැනීම ගැනයි. සාදාලික දෙවියන් වෙතට සම්බන්ධ නොවෙනා විටදී අපට හිමි වන්නේ සදාකාලික නිරය බව යේසුස් වහන්සේ එළිදරව් කර සිටියි.

දෙවියන්වහන්සේ සදාකාලික බව පැවසීමත් සමගම බයිබලයේ උගන්වා ඇති අනෙක් සත්‍යය වන්නේ, දෙවියන්වහන්සේ විසින් සාදා මවන ලද මිනිසාද සදාකාලික ආත්මයකින් යුතුව සාදණු ලැබූ බවයි. එය පෙන්වා දෙන්නේ මිනිසාටත් සදාකාලික පැත්තක් තිබෙන බවත් එසේම මිනිසුන් හැටියට අපි මුහුණ දෙන ශාරීරික මරණය ජිවිතයේ අවසානයත් නොවෙන කාරණයයි.

දෙවියන්වහන්සේ විසින් ආධියේ සාදා මවනු ලැබූ පළමු මිනිස් යුවළ, (ආදම් සහ ඒවා) දෙවියන්වහන්සේගේ වචනය නොසළකා හරිමින් ඒ වෙණුවට සාතන්ගේ වචනයට කීකරුවීම තුළින් ඔවුන් තුල අකීකරුකම හටගත් බැවින්, ඒ ස්වභාවය ඔවුන්ව ධර්මිෂ්ඨ ස්වභාවයක් සතු දෙවියන්වහන්සේ වෙතින් වෙන්කර දැමීමට සමත්වූවා පමණක් නොව නුමුත් ඒ අකිකරුකමට හිමි දඬුවම වූ ශාරීරික මරණයත් මිනිසාට උරුම වූ බවත් දේව වචනය එළිදරව් කරයි. ඒ යථාර්තය එළිදරව් කරණ අනෙක් කාරණය වන්නේ, අකීකරුකමේ ස්වභාවය මිනිසා උරුමකර ගන්නට පෙරාතුව ඔවුන්ද දෙවියන්වහන්සේ ගේ ධර්මිෂ්ඨ ස්වභාවයෙන්ද යුතුව ජීවත්වූ බවයි.

අකිකරුකමේ ස්වභාවය ලෙසින් හඳුන්වන ඒ පාපිෂ්ඨ ස්වභාවය මිනිසාට ධර්මිෂ්ඨ දෙවියන් ඉදිරියේ සිටගැනීමට බාධාවක් වූවා සේම, මරණයෙන් මතුවටත් ඇදීයන අපගේ සදාකාලික ආත්මයටත් දෙවියන්වහන්සේට සම්බන්ධ වී ඒ සදාකාලය ගත කිරීමට නොහැකි වන්නේ, පාපයේ බලය වෙනස් නොවී පවතින හේතුවයි.

බයිබලයේ ලියවී ඇති දෙවියන්වහන්සේගේ වචනය පෙන්වාදෙන එකම පණිවිඩය වන්නේ එයයි. එනම් මිනිසාගේ පාපිෂ්ඨ ස්වභාවයට මුල්වූ හේතුව පෙන්වාදෙමින්, මරණයෙන් මතුවටත් ජිවත්වන අපගේ ආත්මය සදාකාලයටම නිරයේ නතර නොවෙන පිණිස, දෙවියන්වහන්සේම විසින් සුදානම් කල "පාපයට සමාව" ලබා ගැනීමට හැකි "යේසුස් ක්‍රිස්තුස්" යන ඒ මාර්ගය තෝරාගෙන ඒ තුලින් දෙවියන්වහන්සේ වෙතට ආත්මයෙන් සම්බන්ධ වන ලෙසින් කියා සිටින පණිවිඩයයි.

දෙවියන්වහන්සේ ගේ පැත්තෙන් මිනිසා වෙනුවෙන් බයිබලය දිගින් දිගටම එළිදරව් කර ඇති එකම පණිවිඩය එයයි.

අකීකරුකම තුළින් මිනිස් වර්ගයා අත්පත් කරගත් පාපිෂ්ඨ ස්වභාවයේ හේතුව, ධර්මිෂ්ඨ ස්වභාවක් ඇති දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීමට බාධාවක් වුවා පමණක් නොව නුමුත් මිනිසාට දෙවියන් ඉදිරියට යෑමට නොහැකි වූ නුසුදුස්සන් බවටත් පත්කරනු ලැබූ බව දේව වචනය එළිදරව් කරයි. ඒ හෙයින් මේ හේතුව ශාරීරික මරණින් පසුව පවා ආත්මයෙන් දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීමට බාධා පමුණුවයි.

එබැවින් අපගේ ඒ පාසිෂ්ඨ ස්වභාවයට විසඳුමක් නොමැති විටදී මිනිසාට පවා උරුම වන්නේ, දෙවියන්වහන්සේ විසින් සතාන් සහ සාතන්ගේ අනුගාමිකයන්ට සදාකාලික දඬුවම ගෙවන ස්ථානය ලෙසින් සුදානම් කර ඇති "නිරය" බව දේව වචනය පෙන්වාදෙයි. ඒ තත්වය සදාකාලික මරණය ලෙසින්ද බයිබලය හඳුන්වා දෙන්නේ, ඉන්පසු ඒ සදාකාලික තත්වයෙන් ගැලවීමට මඟක් අපට නොවන හේතුවයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීමෙන් පසු සාතාන් නොහොත් යක්ෂයා අවසාණ විනිශ්චයට මුහුණ දෙන බවත් ඉන් පසු, ඔහුගේ අනුගාමිකයන් සමග ඔහුත් ඒ සදාකාලික "නිරයට" නොහොත් "ගිනිවිලට" හෙලනු ලබන බව එළිදරව් පොත පෙන්වාදෙයි. එය අවසාන විනිශ්චය බව බයිබලය පවසයි.

අකීකරුකම තුළින් මිනිස් වර්ගයාටත් උරුම වූ ඒ පාපිෂ්ඨ ස්වභාවයෙන් මිදීමට මාර්ගයක් දෙවියන්ව්හන්සේම විසින් සුදානම් කරදීම දේව වචනය හඳුන්වා දී ඇත්තේ ශුභාරංචිය ලෙසයි. මෙසේ සදාකාල නිරයෙන් ගැලවී දෙවියන්වහන්සේට සම්බන්ධව නැවත වාරයක් මැවුම්කාර දෙවියන් සමගින් සදාකාලය ගෙවීමට මාර්ගයක් උන්වහන්සේම අප වෙනුවෙන් විවර කරදුන් බව දෙවියන්වහන්සේම එළිදරව් කරයි.

ඒ ශුභාරංචිය බයිබලයේ මෙසේ සටහන් වෙයි.

"මක්නිසාද දෙවියන්වහන්සේ තම ස්වකීය එකම පුත්‍රයා දෙනතරම් ලෝකයාට ප්‍රේමකළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සැමදෙන විනාශ නොවී සදාකාල ජිවණය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, ලෝකයා උන්වහන්සේ කරන කොටගෙන ගළවනු ලබන පිණිසය". - යොහාන් 3; 16-17

ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇති දෙවියන්වහන්සේ වෙතට ආත්මයෙන් සම්බන්ධවී අපගේ සදාකාලය උන්වහන්සේ සමග ගෙවීමට තීරණය කිරීම "ගැළවීම ලබාගැනීම" ලෙසින් බයිබලයේ අදහස් වන්නේ, එය "නිරයෙන් ගැලවී" සදාකාලික දෙවියන්වහන්සේට සම්බන්ධ වීමට ඇති එකම මාර්ගය වන නිසායි.

ඒ අණුව සදාකාලික ආත්මයක් ඇති මිනිසුන් වන අපට, අපගේ ඒ ආත්මය සදාකාලයටම නිරයේ නොව, නුමුත් දෙවියන්වහන්සේට සම්බන්ධවී උන්වහන්සේ සමග අපගේ සදාකාලය ජීවත්වීමට තෝරාගැනීම, පාපයෙන් ගැළවීම ලබාගැනීම නොහොත් නිරයෙන් ගැළවීම ආත්මය මුදවා ගැනීම ලෙසින් ඉගැන්වෙයි. ආත්මයෙන් ආත්මය දුන් දෙවියන්වහන්සේ වෙතට නැවත වාරයක් සම්බන්ධ වීම එයින් අදහස් කෙරෙයි.

පාපයට සමාව ලබාගන්නා පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළ කරනු පාප පුජාව වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාවයි. එබැවින් දෙවියන්වහන්සේ විසින් අපගේ පාපයට සමාව ලබාගන්නා පිණිස සුදානම් කරණු ලැබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන ඒ ගැලවීමේ මාර්ගය පිළිගන්නා මොහොතේ අපගේ පව් වලට සාමාවද දෙවියන් වෙතින් ලැබෙන බවත් ඒ බැවින් ඒ පව් සමාව කරණකොටගෙන ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ ඉදිරියේ අපටත් ධර්මිෂ්ඨ මිනිසුන් ලෙසින් ආත්මයෙන් පෙනීසිටීමට හැකි බවත් දේව වචනය ඒ ගැන පෙන්වාදෙයි.

ඒ අණුව ආත්මයෙන් දෙවියන්වහන්සේ වෙතට නැවත සම්බන්ධ විම යන ඒ ක්‍රියාව මරණින් පසුව සිදුවන්නක් වුවත්, ඒ තෝරා ගැනීම මරුණායින් පසු අප තුළ සම්පුර්ණ වන්නක් නොව නුමුත් අප මෙළොව ජීවත්ව සිටියදීම උරුම වන්නෙකි. ඒ අනුව ඇදහිලිවන්තයා මෙලොව ජීවත්ව සිටියේදීම මරණින් මතුවට ඇති ඒ සදාකාල ජීවනයට පංගුකාරයෙකු බවට පත්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙනු ලබන ඒ පව් කමාව පිළිගන්නා විටයි. පාවුල් තුමා ඒ ගැන උගන්වන්නේ, මරණය තුලින් ඇදහිලිවන්තයා කෙලින්ම දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වන බවයි.

"ඉඳින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළ සිටින සේක් නම්, පාපය නිසා ශරීරය නැසී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි."
- රෝම 8:10

"අප දෙවියන්වහසේගේ දරුවෝ යැයි ආත්මයාණන් වහන්සේම අපගේ ආත්මය සමග එක්ව සාක්ෂි දෙන සේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය. දෙවියන්වහන්සේගේ උරුමක් කාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය."
- රෝම 8:16-17

පවුල් තුමා විසින් පහදා දෙනු ලබන මේ ඉගැන්වීම "අප තුළ ජිවත්වන දෙවියන්වහන්සේගේ ආත්මය" මෙන්ම "දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් සැළසුම් කළ උන්වහන්සේගේ ඒ ගැලවීමේ සැළැස්මත්" එළිදරව් කරයි.

ඒ ගැන තවදුරටත් ඔහු රෝම සභාවට යවනු ලැබූ ලිපියෙන් පෙන්වාදෙන්නේ; "බලාපොරොත්තුව ලජ්ජාවට පත් නොවන්නේය. මක්නිසාද අපට දෙන ලද ශුද්ධ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් වලට වගුරවන ලද්දේය." රෝම 5:5

මේ පදය ඉතාමත් වැදගත් රහසක් එළිදරව් කරයි. එය පෙන්වාදෙන්නේ යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් ඒ අවස්ථාවේම ඒ පුද්ගලයා දෙවියන්වහන්සේට අයිති වූ පුද්ගලයෙකු බවට පත්වන රහසයි. අප පව්කාර මනුෂ්‍යයන් වුවත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පිරිනමලද ඒ ජම්මික පාපයට සමාව දැන් පිළිගත් බැවින් අපි යේසුස් වහන්සේ තුලින් දෙවියන්වහන්සේට අයිති පුදගලයන් වන කාරණයයි. අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ඇති මහත් ප්‍රේමය සහ කරුණාවේ විශාලත්වය එයත් විදහා දක්වයි.

එබැවින් පවුල් තුමා මෙහිදී ක්‍රිස්තු ඇදහිලිවන්තයන්ට පැහැදිලි කරදෙන්නේ, යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ආත්මික ගැලවුම්කාරයා ලෙසින් පිළිගන්නා අවස්ථාවේදීම උන්වහන්සේත් අප ගැන කරුණාවෙන් සහ ප්‍රේමයෙන් සලකා උන්වහන්සේගේම දරුවන් ලෙසින් පිළිගන්නා කාරණයයි. ඇදහිලිවන්තයන් වන අපට ඒ ගැන ඇති එකම සහතිකය වන්නේත් එය පමණයි.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව පමණක් නොව නුමුත් උන්වහන්සේගේ ජීවමාන භාවයත් අපට අපගේම පුද්ගලික ජිවිතයෙන් අත්දැකීමට හැකිවන්නේත් අප තුල ජිවත්වන් ඒ ශුද්ධ ආත්මයාණන් වහන්සේගේ පිහිට හේතුකරගෙනයි.

මෙසේ අප තුළ ක්‍රියා ජිවත්වන ඒ ශුද්ධ ආත්මයාණන් වහන්සේ ගේ පිහිට උපකාරය හේතුවෙන් පමණක් ඒ සදාකාල දෙවියන්වහන්සේගේ ජීවමාන භාවය මෙන්ම උන්වහන්සේගේ සත්‍යය තාවයන් ද මොලොව ජීවිතයේදී ද අත්දැකීමට හැකි ඒ අවස්ථාවත් උදාකරගනියි.

"අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය සමග එක්ව සක්ෂිදරණ සේක."
-රෝම පොත.

දෙවියන්වහන්සේගේ තෝරාගැනීම.

"මක්නිසාද උන්වහන්සේ පුර්වයෙන් ඇඳින ගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුදුලා වෙන පිණිස, ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්නට පුර්වයෙන් නියම කළසේක. පුර්වයෙන් නියමකළ වුන් උන්වහන්සේ කැඳවාගත්සේක . කැඳවාගත්ත වුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. ධර්මිෂ්ඨ කළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවූසේක. "
-රෝම 8: 29 - 30.

පාවුල් තුමා මෙහිදී කතා කරනුයේ ඉදිරියේදී සිදුවෙන්නට යන දෙයක් ගැන වුණත්, ඒගැන ඔහුට ඇති ස්ථිරත්වය නිසාම ඔහු එය සිදුවී හමාර වී ඇති එකක් ලෙසින් විශ්වාසයෙන් හා ඇදහිල්ල මුල්කරගෙන පහදා දෙනු පෙනෙයි.

"උන්වහන්සේ තුල ධර්මිෂ්ඨ කරනු ලැබූ අය මහිමයට පැමිණවූසේක" යනුවෙන් ඔහු එහි කියා සිටින "මහිමයට" පැමිණවීමේ ස්වභාවය, තවමත් මොලොව ජීවත්ව සිටිනා අප තුළ තාම සිදු නොවුනත්; එය අනාගතයේදී ස්ථිරවම සිදුවන්නට යන බැවින් ඒ ස්ථිරකම අල්ලාගෙන ඔහු එසේ කථා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන්වහන්සේම විසින් මිනිසාගේ පාපය වෙනුවෙන් සුදානම් කරණ ලද ඒ පව්සමාව සහ "සදාකාල ජීවනය" යන පොරොන්දුව දෙවියන්වහන්සේ විසින් අපට දෙනලද ස්ථිර පොරොන්දුවක් බවත් පෙන්වාදීමටයි.

STUDY OUT LINE

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.